ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇති පුජනීය ස්ථාන

බොල්තුඹේ සමන් දේවාලය

ගමන් මාර්ගය :
බලංගොඩ පින්නවල මාර්ගයේ සැතපුම් 09 ක් පමණ දුරින් බොල්තුඹේ ගම්මානයේ මෙම දේවාලය පිහිටා ඇත. එය පින්නවල මාර්ගයේ සැතපුම් 08 ක් බදුල්ල දෙසට ගොස් සැතපුම් 01 පමණ මාර්ගයකින් ගිය විට දේවාලය හමුවේ. මහවලතැන්න සානුවට අයත් උසසම භුමියක දෙනතගල කදු පාමුල මනරම් පරිසරයක බොල්තුඹේ දේවාලය පිහිටා ඇත.

රාමා විසින් විදින ලද හීය වැදී රාවණාගේ කවන්දය (හිස නොමැතිව වෙන්වු කද කොටස) බොල්තුඹේ දේවාලය පිහිටි බිමට වැටුණු බව ජනප්‍රවාදයේ සදහන් වේ. එලෙස වලවේ ගගට නැදුරු ඕලුගංතොට නම් වු ප්‍රදේශයට වැටුණු බවත් ජනප්‍රවාදයේ පැවසේ. ක්‍රි.ව.1886 පෙරවාරි 10 දා පළමු වැනි රාජසිංහ රජු විසින් බොල්තුඹේ සමන් දේවාලය නම්න් ඇරඹු මෙම දේවාලය ර්‍ශ්‍ර පාදය මළුවේ සමන් දේවාලය මුල් කරගෙන සතර දිසාවට ඉදිකර ඇති දේවාලය මුල් කරගෙන සතර දිසාවට ඉදිකර අති දේවාල වලින් එකක් සෙල සැලකේ. රත්නපුර මහ සමන් දේවාලයේ තිබු පෞරාණික වස්තු, දේවාභාරණ,පෘතුග්‍රීසි ආක්‍රමණ වලින් රැකගැනීමට බොල්තුඹේ සමන් දේවාලය ඉදිකර ඇතියි මතයක්ද වේ.

 

අඵත්නුවර කතරගම දේවාලය

 

 

කණතිරියන්වෙල රෝමානුකතෝලික දේවස්ථානය

ගමන් මාර්ගය :
බලංගොඩ - පින්නවල මාර්ගයේ කි.මි.11 ක් පින්නවල දෙසට ගමන්කර ගණතිරියන්වල හන්දියට පැමිණ එතැන් සිට මීටර් 100 ක් පල්ලෙවෙල මාර්ගයේ ගමන් කිරීමෙන් කණතිරියන්වෙල රෝමානු කතෝලික දේවස්ථානයට ගමන්කළ හැකිය.