ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන

පහන් තුඩාව ඇල්ල


ශ්‍රී ලංකාවේ දිය ඇලි අතරින් තවත් සුවිශේෂී වූත් සුන්දර වූත් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට නතු වූ තවත් සුන්දර ඇල්ලකි. එය ස්වභාදහමෙහි අපූරු නිර්මාණයක් වන අතර බලංගොඩ නගරයේ සිට කි.මී. 17 ක් දුරින් ගලගම ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දිය ඇල්ල පහනක ආකාරයේ හැඩයකින් යුක්ත වීම නිසා පහන්තුඩාව යන නම යෙදී තිබේ.
දේශීය සංචාරකයන් සඳහා රු.30 .00 ක ප්‍රෙව්ශ පත්‍ර ගාස්තුවක් සහ විදේශිය සංචාරකයන් සඳහා රු.200.00ක ප්‍රෙව්ශ පත්‍ර ගාස්තුවක් ප්‍රාදේශිය සභාව විසින් අය කරනු ලැබේ.

රන්මුදු ඇල්ල

ගමන් මාර්ගය
බලංගොඩ-පින්නවල මාර්ගයේ කි.මි.10 ක් පින්නවල දෙසට ගමන්කර කෙසෙල්කොටුව හන්දියෙන් දකුණට හැරි නෙල්ලිවල මාර්ගයේ කි.මි.11/2 ක් පමණ ගමන්කර ඊපෙත්තහෙල හන්දියෙන් පිඩලිගන්නාවල මාර්ගයේ කි.මි.2 ක් මන් කළවිට රන්මුදුඇල්ල හැරවීමට වාහනයකින් ගමන් කළ හැකිය ඇල්ල ආසන්නයට යාම ඉතා දුෂ්කර හෙයින් ඇල්ල ආසන්නට ගම ඉතා දුෂ්කර හෙයින් පිඩලිගන්නාවල නව විහාරස්ථානය අසලින් මීටර් 200 ක් පයින් ගමන් කර ඇල්ලෙ සුන්දරත්වය නැරඹිය හැකිය.

අලියාවැටුණු ඇල්ල

ගමන් මාර්ගය
බලංගොඩ - පින්නවල මාර්ගයේ බලංගොඩ සිට කි.මි.14 ක් පමණ පින්නවල කුඩා නගරයට පැමිණ එතැන්සිට බගවන්තලාව මාර්ගයේ තවත් කි.මි.11/2 ක් ගමන්කර ගල්අරාව හන්දියෙන් බොල්තුඹේ දේවාල මාර්ගයේ මීටර් 500 ක් ගමන් කිරීමෙන් බොල්තුඹාඔය හමුවේ වාහනයකින් ගමන් කළ හැකියව බොල්තුඹේ ඔය හරහා ඉදිකර ඇති සපත්තු පාලම දක්වා අසලට පමණක් ගොස් එතැන් සිට මීටර් 150 ක් ලදුකැලැව මැදින් ඉහලට පයින් ගමන් කිරීමෙන් අලියා වැටුණු වල හා ඒ ආශ්‍රිත දිය ඇල්ලේ චමත්චාරය දැක බලාගත හැකිය.

සුරතලි ඇල්ල

ගමන් මාර්ගය
බලංගොඩ -බණ්ඩාරවෙල මාර්ගයේ බලංගොඩ සිට පඹහින්න හරහා බදුල්ල දෙසට කි.මි.24 ක් ගමන් කළ විට 168/3 පාළම අසලට වාහනයයේ ගමන් කළ හැකිවේ. එතැන් සිට අඩි පාර ඔස්සේ මීටර් 50 ක් කන්ද ඉහලට ගමන් කළ විට සුරතලි ඇල්ලේ සුන්දරත්වය දැකබලාගත හැකිය.

නන්පේරියල් හා නග්රැක් සුන්දරත්වය

බලංගොඩ-බණ්ඩාරවෙල මාර්ගයේ කි.මි. 15 ක් පඹහින්න දෙසට ගමන් කිරීමෙන් පසුව නන්පේරියල් වතුයායට හැරෙන නන්පෙරියල් හන්දියෙන් වමට හැරි කුඩා පටුමාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් නන්පේරියල් හා හෝර්ටන් තැන්නේ පහල කොටසේ පරිසර සුන්දරත්වය විදගතහැකිය. හිරිකටුඔය නදිය නිම්නය ඔස්සේ ඉහලට ගමන් කරන විට සුන්දර කදු වැටියෙන් ගලා හැපෙන කුඩා දියඇල්ල දැකබලාගත හැකිය. ඒ අතර අගල් ඇල්ල දැකපලාගත හැකිය. නන්පේරියල් තේ කම්හල පසු කරමින් ඉතා දුෂ්කර මාර්ගය ඔස්සේ ඉහලට ගමන් කිරීමේදී ඉතාමත් සුක්ෂම මාර්ග ඉදිකිරීමත් දැකබලාගත හැකිය එය බේකස් බෙන්ට් නිලය නම්කර ඇති වංගුව පඹහින්න ප්‍රදේශයේ ඈත සිට දැක බලාගත හැකිය ඉතා සුන්දර නැරඹුම් ස්ථානයකි. එම වංගුව පසුකර එයින් තවත් ඉහලට ගමන් කළවිට මුහදු මට්මමේ සිට අඩි 9100 ක් පමණ ඉහලින් පිහිටි නන්පෙරියල් නිවාඩු නිකේතනය සුන්දර පරිසරය පද්ධතිය නැරඹිමට හැකියාව ඇත. එම ස්ථානයට වාහනයක් ගමන් කළහැකි අතර තවත් කි.මි.2 ක් පයින් ගමන් කිරීමෙන් හෝර්ටන් තැන්න පිහිටි ලොකාන්තය වෙත ගමන් කළ හැක.

 

සමනලවැව

උඩවලව ද්‍රෝණියේ පිහිටා ඇති සමනළ වැව වලවේ ගඟ හා බෙලිහුල්ඔය එක්රැස් වන දෙමෝය ප්‍රදේශයේ තනා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර 400ක් උසින් තිබෙන සමනළ වැව දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත්තකි. සමනළ වැවට ලඟා විම සඳහා මාර්ග දෙකක් භාවිතා කළ හැකිය. බලංගොඩ - වේලිඔය මාර්ගයේ වටවල හංදියේ සිට කි.මී. 2ක් ගිය පසු සමනළ වැව දැකගත හැකිය. අනෙක් මාර්ගය බලංගොඩ සිට පඹහින්න දෙසට A4 මාර්ගයේ ගොස් පඹහින්න හංදියෙන් විශ්ව විද්‍යාලය මාර්ගයේ ගොස් සමනළ වැව දැකගත හැකිය.

බෙලිහුල්ඔය - දිය පහස ගිමන්හල

බෙලිහුල්ඔය ඉතාමත් සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශයක් අතර, විවේකිව නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතා සුදුසුය. ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන දියපහස ගිමන්හල වෙත ගොස් සුන්දර පරිසරය විඳගනිමින් දිය නෑමට, ආහාර ගැනීමට හැකියාව ඇත.

හිරිකටු ඔය