ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය


ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය වෙතින් පහත පරිදි ප්‍රදේශයේ ජනතාවගෙන් අක්කර බදු, වරිපනම් බදු, කඩකුලි, කසල ගාස්තු, ව්‍යාපාර බදු, බලපත්‍ර ගාස්තු හා ජල ගාස්තු අය කිරීම සිදුකරයි.

අක්කර බදු
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වැනි වගන්තියේ (3) උප වගන්තිය ප්‍රකාරව අක්කර බදු අයකරනු ලබේ.
• ප්‍රාදේශිය සභාවට අයත් අක්කර බදු ඒකක – 170
• සෑම වර්ෂයක්ම ආරම්භයේදී දේපල සම්බන්ධයෙන් තක්සේරු නිවේදනයක් නිකුත් කිරීම.
• අදාල බදු මුදල් ආදායම් පරිපාලකවරුන්ට හෝ ප්‍රාදේශීය සභා කාර්යාලයට ගෙවීම සිදු කල හැකිය.
• ගෙවීම් පැහැර හැර සිටින පුද්ගලයින් හට අදාල බදු මුදල් ගෙවන ලෙස අවසන් නිවේදන නිකුත් කෙරේ.
• නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුවද නොගෙවා සිටීමෙන් දේපළ පරිහරණය කිරීම තහනම් කිරිමට සිදුවනු ඇත.
• ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින ගොඩ ඉඩම් පිළිබද ස‍ත්‍යෙක්ෂණයක් සිදුකර හෙක්ටයාර 01 සිට 05 දක්වා ඉඩම් වලින් රුපියල් 50 ක මුදලක් ද ඊට වැඩි වන සෑම හෙක්ටයාරයකටම රුපියල් 10 ක මුදලක්ද වාර්ෂිකව අයකෙරේ .
• ඉඩම් කට්ටි කිරිමේදි ඒ සම්බන්ධව සභාව වෙත දැනුවත් කර ඔබගේ අක්කර බදු මුදල වෙනස් කර ගැනිමට හෝ හෙක්ටයාර් 01ට අඩු නම් නම ඉවත් කර ගැනිමට කටයුතු කල යුතුය.

 

වරිපනම් බදු
වරිපනම් බදු යනු  සියලු පළාත් පාලන ආයතන විසින්ම පනවා ප්‍රදේශය තුල තම ආයතනයට පැවරී ඇති කාර්‍යයන් සදහා වූ වියදම් පියවා ගැනීම සදහා යොදාගනු ලබන ප්‍රධානම ආදායම් ක්‍රමයයි.

ඒ හරහා අදාල ප්‍රදේශය තුල කසල බැහැර කිරීම , මාර්ග සහ කාණු පද්ධති වැඩිදියුණුව , නඩත්තුව , වීථි පහන් නඩත්තුව, පානිය ජල පහසුකම් සැපයිම ඇතුලු ප්‍රජා සංවර්ධනය හා බැදි කාරණා ප්‍රවර්ධනය සිදුකරණු ලබයි.

• ප්‍රාදේශිය සභාවට අයත් වරිපනම් ඒකක 507 කි.
• ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දියුණු ගම්මාන ලෙස නම් කර ඇති ගලගම හා පින්නවල ප්‍රදේශවල පිහිටා ඇති සෑම ඉඩමක් හා ගොඩනැගිල්ලක් සඳහාම වරිපනම් බදු ගෙවිමට නිත්‍යානුකූලව ඔබ බැදි ඇත.
• සෑම වර්ෂයකම ආරම්භයේදී දේපළ සම්බන්ධයෙන් තක්සේරු නිවේදනයක් ලබාදීම සිදුවනු ඇත.
• වරිපනම් බදු කාර්තුමය වශයෙන් හෝ වාර්ෂිකව ගෙවිය හැක.
• වරිපනම් ගෙවීම ‍වර්ෂයේ පළමු මාසය ඇතුලත සමස්ථ වර්ෂය සඳහාම ගෙවිය යුතු මුදල ගෙවන්නේ නම් හෝ කාර්තු අනුව ගෙවීම් සිදු කරන්නේ නම් එක් කාර්තුවකට අදාල මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් වට්ටම් මුදලක් ලබාදීම සිදු කරයි.
I. සෑම වර්ෂයකම ජනවාරි 31 දිනට ප්‍රථම සමස්ථ වර්ෂය සඳහාම ගෙවිය යුතු වරිපනම් බදු ගෙවන්නේ නම් 10%ක වට්ටමක් ලබා දෙනු ලැබේ.
II. කාර්තුව අනුව ගෙවීම් සිදු කරන්නේ නම් එක් කාර්තුවකට අදාල මුදල එම කාර්තුවේ පළමු මාසය තුළම සිදු කරන්නේ නම් 5% ක වට්ටමක් හිමිවේ.
• අදාල බදු මුදල් ආදායම් පරිපාලකවරුන්ට හෝ ප්‍රාදේශීය සභා කාර්යාලයට ගෙවීම සිදු කල හැකිය.
• අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුවද නොගෙවා සිටීමෙන් දේපළ පරිහරණය කිරීම නවතා දමා රජයේ භාරයට ගැනීමට සිදුවනු ඇත.
• යෝග්‍ය නිවේදනයකින් පසුව භාරයට ගත් දේපළ පළාත් පාලන ආයතනය මඟින් වෙන්දේසි කරනු ලැබේ.
• වර්ෂ 05 ට වරක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සෑම දේපලකටම වාර්ෂිකව වටිනාකම තක්සේරු කරන අතර ගෘහස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන සඳහා එම තක්සේරුවෙන් 4% ක් වරිපනම් බදු වශයෙන් අයකරනු ලැබේ.

වරිපනම් ලේඛනයේ නම වෙනස් කිරීම
• වරිපනම් දේපලෙහි හිමිකාරිත්වය (අයිතිය) වෙනස්වීම මත වරිපනම් ලේඛනයේ නම වෙනස් කිරීම සිදු කරගත හැක. ඒ සඳහා ඉල්ලිම් ලිපියක් අප වෙත භාර දිමෙන් පසු ඔබ වෙත ලබා දෙන අයදුම්පත පුරවා ඉඩමේ ඔප්පුව හා අවුරුදු 30ක පත්තිරු සමඟ කාර්යාලයට භාර දිය යුතුය. එම ලේබන අප විසින් තක්සේරු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන අතර ඔවුන් විසින් ඔබගේ ඉල්ලිම සලකා බලා නම වෙනස් කිරිම සිදු කරනු ලබයි.

කඩකුලි
• ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ ස්ථාන (කඩ කාමර) සංඛ්‍යාව 05 කි.
• සෑම මසකටම 10 වන දිනට පෙර කඩ කුලි ගෙවිය යුතුය. එසේ ප්‍රමාද වී කරන ගෙවීම් සඳහා දඩ මුදලක් අය කරනු ඇත.
• නියමිත පරිදි කඩ කුලී මුදල් මාස 03ට වඩා නොගෙවන ලද කඩ හිමියන්ගේ කඩ කාමර අවසන් නිවේදනයක් නිකුත් කිරීමේන් පසු තවදුරටත් නොගෙවා සිටී නම් කඩ කාමර නැවත ප්‍රාදේශීය සභාවට පවරා ගෙන ටෙන්ඩර් කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ.

ජල ගාස්තු
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 109 (ඈ) වගන්තිය සහ 116 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අයකරගනු ලැබේ.

 අනු අංකය  ඒකක  ගුරුත්ව ජල ව්‍යපෘති සඳහා ඒකකයකට ගාස්තුව  පොම්පිය ජල ව්‍යපෘති සඳහා ඒකකයකට ගාස්තුව
 01  1-10  රු.12.00  රු.30.00
 02  11-20  රු.15.00  රු.38.00
 03  21-25  රු.25.00  රු.45.00
 04  26-30  රු.28.00  රු.45.00
 05  31-40  රු.40.00  රු.60.00
 06  41-50  රු.50.00  රු.60.00
 07  50ට වැඩි  රු.80.00  රු.100.00

 

• සේවා ගාස්තුව රු.100.00
• රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකකයේ සිට රු.42.00 බැගින්
• පුණ්‍ය ආයතන සඳහා මුල් ඒකක 10 නිදහස් කරන අතර ඉන්පසු ගෘහ සම්බන්ධතා ආකාරයට
• වාණිජ ආයතන සඳහා ඒකක 1-50 දක්වා රු.40.00 බැගින් හා ඒකක 50ට වැඩි රු.90.00 බැගින් අය කරනු ලැබේ.

ගුරුත්ව ජල ව්‍යාපෘති
• පින්නවල
• වැටකොළුලන්ද
• ගලගම
• පඹහින්න

පොම්පිය ජල ව්‍යාපෘති
• අලුත්නුවර
• නළුවෙල
• නාකැටියවත්ත
• අමුවතුගොඩ

• රත්මලවින්න

කසල ගාස්තු
• ප්‍රාදේශීය සභා ට්‍රැක්ටර් රථය වෙත කසල ලබා දිම සඳහා ඔබ විසින් ඉල්ලිම් ලිපියක් ලබා දිමෙන් පසු නිසි පරිදි අයදුම්පත්‍රය සම්පූර්ණ කර ආයතනය වෙත ලබා දිය යුතුය.
• පසුව නිළධාරියෙක් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමෙන් පසු කසල ලබා දීමට සුදුසු වේ නම් වාර්ෂිකව ගිවිසුම් ගත වීම සිදු වේ.
• කසල ලබා දෙන පරිශ්‍රය අනුව (නිවස, ව්‍යාපාරික ස්ථාන, නවාතැන් සහිත හෝටල් හා කර්මාන්ත ශාලා) ඉදිරි මාස 06 ක් සඳහා වන කසල ගාස්තුව ගෙවිය යුතුය.
• පසුව ට්‍රැක්ටර් රථ රියදුරන් දැනුවත් කිරීමෙන් අනතුරුව ගිවිසුමෙහි කොන්දේසි පරිදි කසල ලබා ගැනීම සිදු කෙරේ.
• ගෙවිම් පැහැර හැරිමේදි ගිවිසුම අනුව කසල ලබා ගැනිම අත්හිටු විම සිදු කරයි.

 

 විස්තරය  ගාස්තුව
 නිවසක් සඳහා මසකට  රු.200.00
 නවාතැන් රහිත හෝටල් හා හෝටල් නොවන ව්‍යාපාර සඳහා මසකට  රු.500.00
නවාතැන් සහිත හෝටල් හා කර්මාන්ත ශාලා සඳහා මසකට රු.4,500.00

 

බලපත්‍ර ගාස්තු
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව බලපත්‍ර ගාස්තු අයකරනු ලබයි.
• තමා පවත්වාගෙන වෙළඳ ව්‍යාපාරයක් සඳහා අදාල පරිපාලන සීමාව තුළ නිල වශයෙන් පිළිගැනීමට බලපත්‍රයක් ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.
• බලපත්‍රයක් නොගෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අධිකරණයේ දඩුවම් ලැබිය හැකි වරදක් වේ. වෙළඳ බලපත්‍ර ගාස්තු ගෙවීම අනිවාර්ය වේ.
• බලපත්‍රය ලබාගැනීමට අයදුම් පත්‍ර සම්පූර්ණ කර ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ලබාදිය යුතුවේ.
• ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යාම සෑම ව්‍යාපාරයක්ම සෑම වර්ෂයකටම අදාල ගාස්තුව ගෙවා ලියාපදිංචි කල යුතුය.
• සෑම ව්‍යාපාරිකයෙක්ම ගරු සභාපතිතුමාගේ, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශ හා උපදෙස් පිළිපැදිය යුතුය.
• බලපත්‍රයක් වලංගු කාලය ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා පමණි. එම කාලය ඉකුත් වූ පසු බලපත්‍රය අලුත් කිරීම කළ යුතුය.

ව්‍යාපාර බදු
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 152 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව බලපත්‍ර ගාස්තු අයකරනු ලබයි.
ව්‍යාපාරික ස්ථාන පිළිබඳව කරනු ලබන සමීක්ෂණයෙන් පසු බලපත්‍රයන්ට යටත්කළ යුතු ස්වභාවයේ ව්‍යාපාරයන් වෙන්කර ඉතිරිවන සියලුම ව්‍යාපාරයන් වාර්ෂික ව්‍යාපාරික බද්දට යටත්කරනු ලැබේ.
• අයදුම් පත්‍ර සම්පූර්ණ කර ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ලබාදිය යුතුවේ.
• ඉන් පසු කාර්යාලය වෙත හෝ ආදායම් පරික්ෂක නිළධාරින් වෙත අදාළ ගාස්තු ගෙවිම සිදු කළ යුතුය.
• සෑම වසරකම මාර්තු 31 දිනට පෙර ව්‍යාපාර බදු ගෙවිම ඔබ විසින් සිදු කළ යුතුය.

 

විනෝද බදු
විනෝද බදු යනු කුමක්ද?,
සෑම පළාත් බදු මණ්ඩලයකටම යෝජනාවක් මගින් එකී පාලන බල ප්‍රදේශය තුල පවත්වනු ලබන විනෝද කටයුතු සදහා ගෙවනු ලබන ඇතුළුවීමේ ගාස්තුවෙන් එකී යෝජනාවේ නිශ්චිත වශයෙන් දැක්වෙන ප්‍රමාණයකට හෝ අනුකුලව බද්දක් අය කිරීම.
විනෝද බදු අය කර ගන්නා ආකාරය
• ප්‍රාදේශිය සභාවට පැමිණ අවසර ලබා ගැනීම.
• සියලුම ප්‍රවේශ පත්‍රයන් සභා නිල මුද්‍රාව තබා ගැනීම.

 

දැන්වීම් පුවරු ගාස්තු
ප්‍රචාරක දැන්විම් පුවරු ප්‍රදර්ශනය කිරිම සඳහා අවසර ලබා ගැනිම
1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 122 හා 126 වගන්ති යටතේ පැවරි ඇති බලතල අනුව හා 1988-08-23 දිනැති අංක 520/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සම්මත අතුරු ව්‍යවස්ථාවේ 39 වැනි කොටසේ ප්‍රචාරක දැන්විම් / දෘෂ්‍ය පරිසරය පිළිබඳ අතුරු ව්‍යවස්ථාව අනුව ප්‍රාදේශිය සභා සිමාව තුළ එළිමහන් ස්ථානයක මහජනයාට දැන ගැනිම සඳහා සවි කරනු ලබන ඕනැම ප්‍රචාරක දැන්විමක් සඳහා අවසර ලබා ගත යුතුය.

දැන්විම් පුවරු ප්‍රදර්ශනය කිරිම සඳහා අවසර ලබා ගැනිමේදි,
• සභාපති, ලේකම් ඉඹුල්පේ ප්‍රාදේශිය සභාව ලිපිනයට ඉල්ලිම් ලිපියක් ඉදිරිපත් කිරිම
• අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කිරිම
• ස්ථිර ප්‍රචාරක දැන්විම් පුවරු සඳහා දිග , පළල සටහන් කළ 1:1000 පරිමාණයට අදින ලද භූමි සැලැස්මක පිටපතක්
• ප්‍රාදේශිය සභා කාර්යාලය වෙත නියමිත ගාස්තු ගෙවා ලදුපත ලබා ගැනිමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කිරිම සිදු කරයි. ( දැන්විම් පුවරුවේ වර්ග අඩි ප්‍රමාණය අනුව ගාස්තු තිරණය කරනු ලබයි)

දැන්විම් පුවරු ප්‍රදර්ශනය කිරිමේදි,
• රියදුරන්ගේ අවධානයට බාධා නොවන අයුරින් ප්‍රදර්ශනය කළ යුතුය
• සියලුම දැන්විම් පුවරුවල බලපත්‍ර අංකය සටහන් කළ යුතුය.

 විස්තරය  ගාස්තුව (වසරකට වර්ග අඩියකට)
 විදුලි බුබුළු වෙනත් විද්‍යුත් උපකරණ යොදා තනා ඇති විශේෂ දැන්විම් පුවරුවක් වෙනුවෙන්   රු.25.00
 ස්ථිර දැන්විම් පුවරුවක් වෙනුවෙන්  රු.25.00
 ඉඩම් වෙන්දේසි කිරිම සම්බන්ධ ස්ථිර දැන්විම් පුවරුවක් වෙනුවෙන්  රු.25.00
 කිසියම් බැම්මක බිත්තියක ප්‍රදර්ශනය කරනු ලබන දැන්විම් පුවරුවක් වෙනුවෙන්  රු.25.00
 ලි රාමු වල සවිකරන ලද කණුවල හෝ ගස්වල ආදියේ ප්‍රදර්ශනය කරන කුඩා ප්‍රමාණයේ දැන්විම් පුවරුවක් වෙනුවෙන්  රු.10.00
 කිසියම් විදියකට හෝ පාරකට මුහුණලා යාව පිහිටි ගොඩනැගිල්ලේ මුහුණතෙහි දැන්විම් පුවරුවක් සවි කිරිම හෝ එල්ලා තැබිම වෙනුවෙන්  රු.25.00

 

ප්‍රාදේශීය සභාවේ සේවා සඳහා අනුමත ගාස්තු

විස්තරය ගාස්තුව
ජල අයදුම්පත් ගාස්තු රු.25.00
නව ජල සම්බන්ධතා ලබා ගැනිමේ ගාස්තු රු.13,000.00
ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් ගාස්තු රු.30.00
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිමේ ගාස්තු වර්ග අඩි ප්‍රමාණය අනුව
අනුකූලතා සහතික නිකුත් කිරිමේ ගාස්තු රු.1,000.00
ඉඩම් කට්ටි සැලසුම් අනුමත කිරිමේ ගාස්තු රු.500.00
විථිරේඛා සහ නොපවරාගැනීමේ සහතික පත් නිකුත් කිරීමේ ගාස්තු ණය මුදල රුපියල් ලක්ෂ 05 ට අඩුනම් රු.375.00
ණය මුදල රුපියල් ලක්ෂ 05 ට වැඩිනම් රු.1250.00
අනතුරුදායක ගස් ඉවත්කිරීමේ අයදුම්පත්‍ර ගාස්තු රු.500.00
දැන්විම් පුවරු ගාස්තු වර්ගය හා වර්ග අඩි ප්‍රමාණය අනුව
පුස්තකාල සමාජික අයදුම්පත් ගාස්තු රු.25.00

පුස්තකාල සාමාජික ගාස්තු

පාසල් සිසුන්ට රු.50.00

වැඩිහිටි රු.100.00

පුස්තකාල සාමාජිකත්ව අළුත් කිරීම ගාස්තු රු.20.00
වසරක් සඳහා සාමාජික ගාස්තු රු.25.00
පුස්තකාල පොත් ප්‍රමාද ගාස්තු (දිනකට) රු.1.00
පරිසර බලපත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ආයෝජන මුදල අනුව වෙනස් වේ.
පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තු (මුද්දර ගාස්තු රු.400.00සමඟ) රු.4,400.00

 

වාහන යන්ත්‍ර සූත්‍ර කුලියට දීම

විස්තරය ගාස්තුව
බැකෝ යන්ත්‍රය කුලියට දිම (පැයකට)   රු.5500.00
ලෙලන තලන යන්ත්‍රය කුලියට දිම (දිනකට)   රු.6500.00
සම්පීඩන යන්ත්‍රය කුලියට දිම (දිනකට)   රු.4,000.00
බල ප්‍රදේශය තුල ජල බවුසරය ලබා දිම   රු.5000.00

 

ජල ගාස්තු

ඒකක ගුරුත්ව ජල ව්‍යපෘති සඳහා ඒකකයකට ගාස්තුව පොම්පිය ජල ව්‍යපෘති සඳහා ඒකකයකට ගාස්තුව
1-10 රු.12.00 රු.30.00
11-20 රු.15.00 රු.38.00
21-25 රු.25.00 රු.45.00
26-30 රු.28.00 රු.45.00
31-40 රු.40.00 රු.60.00
41-50 රු.50.00 රු.60.00
50ට වැඩි රු.80.00 රු.100.00

 

• සේවා ගාස්තුව රු.100.00
• රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකකයේ සිට රු.42.00 බැගින්
• පුණ්‍ය ආයතන සඳහා මුල් ඒකක 10 නිදහස් කරන අතර ඉන්පසු ගෘහ සම්බන්ධතා ආකාරයට
• වාණිජ ආයතන සඳහා ඒකක 1-50 දක්වා රු.40.00 බැගින් හා ඒකක 50ට වැඩි රු.90.00 බැගින් අය කරනු ලැබේ.

වැඩි විස්තර සදහා විෂයභාර නිළධාරී 0452287361 මගින් අමතන්න.